ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

මහින්ද බලය ගන්න ජාතිවාදය වපුරනවා – අනුර දිසානායක වතුකරයේදී කියයි!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජාතිවාදය වපුරමින් නැවත රටේ බලය ලබාගැනීමේ උත්සහයක නිරතව සිටින බවත් වතුකරයේ දෙමළ ජනතාව සමග එක්ව එය පරාජය කිරිමට ජනතා විමුක්ති පෙරමුණ දිවි හිමියෙන් කටයුතු කරන බවත්  ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. කඳුරට ජනතා පෙරමුණේ, කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනය අමතමින් ඔහු මේ බව කියාසිටියා.

දිසානායක මහතා මේ බව පැවසුවේ හැටන් කොටගල හින්දු සංස්කෘතික ශාලාවේ දී අද (16) පැවති කඳුරට ජනතා පෙරමුණේ කම්කරු තරුණ පෙරමුණේ මහා සම්මේලනයට සහභාගි වෙමිනි.

“මහින්ද මහත්තයගෙ කඳවුර යළි ජාතිවාදය පතුරවනව. ඒගොල්ලන්ට තියෙන්නේ ජාතිවාදය විතරයි සටන් පාඨයක්. ඒගොල්ලන්ට කියන්න බැහැ හොරකම නතර කරනව කියල, ඒ ගොල්ලන්ට කියන්න බැහැ නාස්තිය නතර කරනව කියල, ඒ ගොල්ලන්ට කියන්න බැහැ සාමය ගේනව කියල, ඒගොල්ලන්ට කියන්න පුළුවන් එකම දේ මොකක්ද? උතුරේ කොටි නැගිටිනව. උතුරේ කොටි නැගිටින එක වලක්වන්න මහින්ද මහත්තය ගේන්න ඕන.  මතකතියාගන්න, මහින්දට ඕන තරම් උතුරේ ජනතාවට කොටි නැගිට්ටවන්න ඕන කමක් නැහැ. මහින්දට තමයි ඕන. අපි අපේ දේශපාලනයෙන් ජාතිවාදය ඉවත් කරන්න ඕන.”

“මහින්ද රාජපක්‍ෂ මහතා බලයට ඒමට වපුරවන ජාතිවාදය පරාජය කිරිමට වතුකරයේ දමිළ ජනතාව සමග එක්වි දිවි හිමියෙන් කටයුතු කරනවා. මේ රටේ ආර්ථික වශයෙන් දැඩි පීඩාවට පත්වි සිටින ජනතාවක් සිටින්නේ වතුකරයේ .ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් කිරිමට වතුකරයේ වෘත්තිය සමිති සමග එක්ව කටයුතු කරනවා.. ගෙන ඒමට යෝජිත නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සෑම ජාතියකටම සම අයිතීන් ලැබෙන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් වන්නේ නම් එම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගැනිමට ජනතා විමුක්ති පෙරමුණ උපරිම අයුරින් කටයුතු කරනවා“යැයි දිසානායක මහතා ප්‍රකාශ කරයි.

හැටන් කොටගල, හින්දු සංස්කෘතිත ශාලාවේ දී පැවැති මෙම සම්මේලනයට අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වී. රාධාක‍්‍රිෂ්ණන් ද එක්ව සිටියා.