ලලිත්ට-අනූෂට ඇප ලැබෙන හැඩ..! නීතිපතිට නොතීසි..! තීන්දුව 20 දා.
බන්ධනාගාරගත කර සිටින හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් විසින් ඉදිරිපත් කළ ඇප පෙත්සම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස නීතිපතිවරයා වෙත කොළඹ මහ අධිකරණ විසින් නියෝග කර තිබේ. ඒ අනුව සැප්තැම්බර් මස 20 අදාළ කරුණු දක්වන්නැයි කොළඹ මහ අධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කර තිබේ.
දාළ පෙත්සම් අද(14) කැඳවූ අවස්ථාවේ ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිට වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා කියා සිටියේ අදාළ දඬුවමට එරෙහිව අභියාචනයක්ද ඉදිරිපත් කර ඇති බවයි. එම නිසා එය විභාග කර අවසන් තීන්දුවක් ලබා දෙන තෙක් එම විත්තිකරුවන් ඇප මත නිදහස් කරන ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කර තිබේ.
ඒ අනුව මේ සම්බන්ධයෙන් නීතිපතිට හා පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට ලබන 20 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නියම කළේය.
සිල්රෙදි නඩු තීන්දුව ප්‍රකාශයට පත්වීමත් සමග අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා අතර ඉතා කඩිමුඩියේ හදිසි සාකච්ඡාවක් පසුගිය (07) පැවැත්වුණු පාර්ලිමේන්තුවේදි පැවති අතර එහිදී මෙම නඩු තින්දුව සම්බන්ධයෙන් අගමැතිවරයාද පුදුමවු බව මහින්ද රාජපක්ෂ මහතා පසුව පැවසීය. එබැවින් බොහෝ දුරට ඇප ලබාදීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විරුද්ධ නොවී සිටීමට ඉඩ ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වාදෙයි. එසේ වුවහොත් ලලිත් වීරතුංග හා අනූෂ පැල්පිටට ලබන 20දා ඇප හිමිවිය හැකිබව නීති ක්ෂේත්රයේ කතාබහට ලක්වීඇත.
2015 වසරේ ජනාධිපතිවරණ සමයේ දී විදුලි සන්දේශ නියාමන කොමිසම් සභාවේ රුපියල් මිලියන 600 ක මුදලක් භාවිත කර දිවයින පුරා ඇති විහාරස්ථානවලට සිල් රෙදි බෙදා දීමේ සිදුවීමට අදාළ නඩු තීන්දුව පසුගිය(07) ලබා දුනි.
ඒ අනුව ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා හා විදුලි සන්දේශ කොමිසම් සභාවේ හිටපු අධ්යක්ෂ ජනරාල් අනුෂ පැල්පිට යන අය අදාළ චෝදනාවට වරදකරුවන් වන බව කොළඹ මහාඅධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා තීන්දු කළේය. රාජ්‍ය දේපළ අවභාවිතා කිරීම සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව මඟින් මෙම නඩුව පවරා තිබේ.