ඊයේ ෆේස්බුක් වෙබ් අඩවිය ක්‍රියා විරහිතවීම හැකර් ප්‍රහාරයක්ද..?
ලොව සිටින සියමුල තරුණ තරුණියන් අතර මෙන්ම ලොව සිටින බිලියන 3 ක ජනයා අතර ප්‍රචලිත සමාජ ජාලය වන ෆේස්බුක් වෙබ් අඩවිය අද සවස හිටි හැටියේම වැඩ කරන්නේ නැතිව ගියා. ඩෙස්ක්ටොප් පරිගණක සහ ස්මාර්ට්ෆෝන් හාහා ෆේස්බුක් පරිහරණය කරන බොහෝ දෙනාට තව කෙනෙකුගේ පෝස්ට් එකකට ලයික් කිරීමට හෝ ෂෙයාර් කිරීමට හෝ දෙයක් තමන්ගේ වෝල් එකේ දැමීමට හෝ කොටින්ම කිව්වොත් කෑ එක්ක හරි චැට් කිරීමට හෝ නොහැකි තත්වයක් උදාවුනා.
මෙම සතිය තුල ෆේස්බුක් අඩපණ වූ දෙවැනි අවස්තාව මෙය ලෙසද සටහන් වෙනවා. ඒ වගේම මාක් සකර්බර්ග්ට අයිති සමජා මාධ්‍ය සමාගමක් වන Instagram සමාජ ජාලයද මේ සමගම අඩපණ වී තිබෙනවා. Instagram තුලද, ලයික් කිරීමට නොහැකි වීම, stroies බැලීමට හෝ පල කිරීමට නොහැකි වීම මෙන්ම feed එක refresh නොවීම ආදී ගැටළු මතුවී තිබෙනවා.
” Down Detector ” නම් සමාජ මාධ්‍ය වල ක්‍රියාකාරිත්වය පිලිබඳ නිරීක්ෂණය කරන වෙබ් අඩවියට මිනිත්තු කිහිපයක් තුල විශාල වශයෙන් අදහස් පැමිණීමත් සමග මෙය අදීක්ෂණය කිරීමට පටන් ගත් අතර වැඩිපුරම චෝදනා යොමුකර ඇත්තේ එක්සත් රාජධානිය, යුරෝපයේ හා ඇමරිකා එක්සත් ජනපදයේ ෆේස්බුක් පරිශීලකයින්ය.
“අපි ඉක්මනට අපේ වෙබ් අඩවිය යතාතත්වයට පත් කරනවා”
“අපි වෙබ් අඩවිය වැඩිදියුණු කර අතර ඔබේ ඉවසීමට ස්තුතියි.”
ආදී පණිවුඩ ෆේස්බුක් මහින් මෙම අවස්තාව තම පරිශීලකයින්ගේ තිර වල යොමුකර ඇති අතර, විනාදී 45 ක කාලයක් තුල ඔවුන් මෙය යථාතත්වයට පත්කර ඇත. මෙම සතිය ෆේස්බුක් සමාගමට හෝදන සතියක් නොවන අතර එයට හේතුව වනුයේ ඔවුන්ගේ වෙබ් අඩවිය මෙම සතිය තුල දෙවරක් බිඳ වැටීමයි.
මෙය හැකර් ප්‍රාහාරයක් ලෙස බොහෝ දෙනා සඳහන් කලත්, ෆේස්බුක් සමාගමේ නිලධාරියකු අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ ඔවුන්ගේ තාක්ෂණික දෝෂයක් නිසා මෙම තත්වය ඇතිවූ බවත්, එම නිසා ෆේස්බුක් ලොග් වීමට බොහෝ දෙනාට අපහසු වූ බවත්, කෙටි කාලයකින් තමන්ගේ කණ්ඩායම එය යථාතත්වයට පත් කල බවත් ය.
ඒ කියනෙන් කට්ටිය බය වෙන්නේ ඕනේ නැහැ. තමන්ගේ දත්ත වලට කිසිඳු හානියක් හෝ එව්වා පිටට යන්නේ නැහැ. ෆේස්බුක් ඒ වගකීම බාරගෙන තිබෙනවා. ෆේස්බුක් ඩවුන් වුන ටික වෙලාවට මන් දැක්කා ගොඩාක් දෙනෙක් බොරු දේවල් දාලා තිබ්බා අපි ඉන්බොක්ස් අනිත් අයට දැන් කියවන්න පුළුවන්, අපේ මැසේජ් අනිත් අයට බලන්න පුළුවන්, ඔය වගේ දේවල්. මේකෙන් ගොඩාක් අය බයවෙලත් තිබ්බා. ඉතින් මේකයි ඇත්ත තත්වේ. බය වෙන්න දෙයක් නැහැ. මේ පණිවුඩය අනික් අය දැනගන්න share කරන්න.

