තාජුඩීන් ඝාතනය: මාහාචාර්ය ආනන්ද සමරසේකර අත්අඩංගුවට
රගර් කී‍්‍රඩක වසිම් තාජුඞීන්ගේ මෘත ශරීරයේ කොටස් අස්ථාගතවීම සම්බන්ධයෙන් හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව නීතිපතිවරයා අද (24) අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුව වසිම් තාජුඞීන්ගේ ශරීරයේ කොටස් ලෙස සලකා සයිටම් ආයතනයෙන් සොයාගත් අස්ථි කොටස් කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත භාරදෙන ලෙසයි අතිරේක මහේස්ත්‍රාත් ජෙරාම් ට්‍රොක්සි නියෝග කළේ.
අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මියගිය වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බව කියා සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සිද්ධියට අදාළව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය ආනන්ද සමරසේකර මහතා අත්අඩංගුවට ගැනීමේ හැකියාවක් පවතින බව ද කියා සිටියේය.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පවත්වන බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවට අදාළව හිටපු ජේ්‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාද අද අධිකරණය හමුවේ පෙනී සිටියා.