ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

“ජනතාව ජන්දය දුන්නේ හොරු අල්ලන්න මිසක් හොරු රැකීමට නොවේ“- දූෂණ විරෝධි හඬ

එජාපයේ විරෝධතාවය දිගින් දිගටම නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වීම තුළින් බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු අඩපණ වන බව දූෂණ විරෝධි හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා පවසයි. ඔහු අවධාරණය කරන්නේ අතීතයේ වැරදි සිදුකළ හොරු ඇල්ලීම  මෙන්ම වර්තමාන ආණ්ඩුව තුළ සිටින හොරුද ඇල්ලිය යුතු බවයි. අද(16) පැවති එම සංවිධානයේ ‘හොරු රකින හොරු’ මහජන සභාවේ පළමු මාධ්‍ය හමුවට එක් වෙමින් සමරසිංහ මහතා මේ බව පැවසීය.
2015 ජනවාරි මාසයේ ජනතාව ජන්දය ලබා දුන්නේ හොරු අල්ලන්න මිසක් හොරු රැකීමට නොවන බව ද එනිසා අද දූෂණය සම්බන්ධයෙන් ඉතා ඛේදනීය තත්ත්වයක් රට තුළ ඇතිව තිබෙන බව ද ඔහු කියා සිටියේය.
ඉතිහාසයේ පළමු වරට ආණ්ඩුව තුළින්ම ආණ්ඩුවේ ඇමතිවරුන්ට විරුද්ධව විශ්වාසභංගයක් ගෙන ආ බව ද පැවසු සමරසිංහ මහතා අද වන විට එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරු බැඳුම්කර වංචාවේ යථාර්ථය හෙළිවීම නිසා නිතිපති දෙපාර්තමේන්තුවට චෝදනා කරන බව ද පැවසීය. කෙසේ වෙතත් එජාපයේ විරෝධතාවය දිගින් දිගටම නීතිපති දෙපාර්තමේන්තුවට එල්ල වීම තුළින් බැඳුම්කර කොමිසමේ වැඩ කටයුතු අඩපණ වන බව ද සමරසිංහ මහතා මෙහිදී කියා සිටියේය.