ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

නෙවිල් ප්‍රනාන්දු රෝහල පවරා ගැනීමේදී ජනතාව නොමඟ යවලා, අල්ලස් කොමිෂමට පැමිණිල්ලක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් අද(13)  මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීම සම්බන්ධව ඇති කරගෙන තිබෙන ගිවිසුම පිළිබඳව  අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. මෙම ක්‍රියාවලිය පවරා ගැනීමකට අදාළ කිසිදු ගිවිසුමක් අත්සන් කර නොමැති බවත්, ඒ තුළින් ආණ්ඩුව විසින් මහජනතාව මුළුමනින්ම නොමඟ යවා ඇති බවත් මෙම පැමිණිල්ලේ සඳහන්. එම සංගමය පවසන්නේ මාලඹේ – නෙවිල් ප්‍රනාන්දු රෝහල සහ රජය අතර අත්සන් කළ බවට පැවසූ ගිවිසුම  හරහා සෞඛ්‍ය අමාත්‍යවරයා රැවටීමක් සිදු  කර ඇති බවයි.

පසුගියදා උත්සවශ්‍රීයෙන් ආණ්ඩුව විසින් මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමක් සිදු කල බව ප්‍රකාශ කල අතර දිවයින පුරා දැවැන්ත ප්‍රචාරණ වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක විය. ජනාධිපතිවරයා විසින් SAITM අර්බුදයට සියළු දෙනාටම පිළිගත හැකි විසඳුමක් ලබා දෙන බවට පොරොන්දු වී අවසානයේ මෙම රෝහල පවරා ගැනීමෙන් අදාළ ප්‍රශ්නයට නිසි විසඳුම් ලැබෙන බවට ප්‍රකාශ කරන ලදි.

එම රෝහල මෙතෙක් රජයට පවරාගෙන නොමැති බවට තම සංගමය සිදු කළ සොයා බැලීමකදී කරුණූ අනාවරණය වූ බව පවසන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එවැනි තත්ත්වයක් තුළ නෙවිල් ප්‍රනාන්දු රෝහල සඳහා රජය විසින් මුදල් වෙන් කිරීම මහජන මුදල් අපහරණය කිරීමක් බව පෙන්වා දෙයි.

මෙම චෝදනාව සම්බන්ධව අවස්ථා කිහිපයකදී මාධ්‍යවේදීන් විසින් ආමාත්‍ය රාජීත සේනාරත්නගෙන් කරුණු විමසා සිටියද ඔහු ඒ සඳහා පිළිතුරු ලබා දීම ප්‍රතික්‍ෂේප කරන ලදි.