මහින්දගෙන් රවීට දුරකථන ඇමතුමක් – රවීගේ විශ්වාසභංගයට මහින්දගේ වීරෝධය – (වීඩියෝ) EXCLUSIVE
ඒකාබද්ධ විපක්ෂය විසින් අමාත්‍යය රවී කරුණානායක මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් කතානායක කාර්යාලය වෙත බාර දී තිබුණද ඊට මහින්ද රාජපක්ෂ මහතා තම විරෝධය කලකර ඇතිබව වාර්තාවේ.
මහින්ද රාජපක්ෂ විසින් රවී කරුණානායකට දුරකථන ඇමතුමක් ගෙන මේ බව දන්වා ඇතිබවද වාර්තාවේ .එහිදී රවී කරුණානායක ඒකාබද්ධ විපක්ෂය විසින් ඔහුට එරහිව ඉදිරිපත් කර ඇති විශ්වාසභංගය පිලිබදව ප්‍රශ්නකර ඇත.එහිදී මහින්ද රාජපක්ෂ විසින් කියා සිටියේ මෙම විශ්වාසභංගය ගෙන ඒමට තමන් විරුද්ධ වූ බවත් බන්දුල ගුණවර්ධනගේ වුවමනාවට මෙම විශ්වාසභංගය ගෙන ආ බවත් එයට ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් අත්සන් නොකළ සිටි බවත් පැවසු මහින්ද රාජපක්ෂ මහතා වැඩි දුරටත් රවී කරුණානායකට කියා සිටියේ මෙම විශ්වාසභංගයට බිය විය යුතු නැති බවයි.
මෙම විශ්වාසභංගය ගෙන ඒමට පෙර ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අතරතුරදීද රවිට විශ්වාසභංගයක් ගෙන එම පිලිබදව මහින්ද රාජපක්ෂ බලවත් විරෝධයක් දැක්වූයේය.එහිදී මහින්ද රාජපක්ෂ කියා සිටියේ ‘නෑ…නෑ…. රවීට විරුද්ධව විශ්වාසභංගයක් ගෙනල්ලා වැඩක් නෑ… ගේනව නං විශ්වාසභංගයක් ගේන්න ඕන ආණ්ඩුවට විරුද්ධව’ කියලා. මේක අහගෙන හිටපු බහුතරයක් ඒකාබද්ද විපක්ෂ මන්ත්‍රීවරුන්ට මතක් උනේ මීට කලින් රවීට ගෙනාපු විශ්වාසභංග යොජනාවේදීද මහින්ද රාජපක්ෂ එය මගහැරගිය ආකාරයයි.
රවීගේ විශ්වාසභංගයට මහින්දගේ විරෝධය…
රවීගේ විශ්වාසභංගයට මහින්දගේ විරෝධය…
Posted by ColomboXnews on Friday, August 4, 2017