ශිරන්ති රාජපක්ෂ කටඋත්තර දෙන්න CIDයෙන් මාසයක් කල් ඉල්ලයි
රතුකුරුස සංවිධානය මගින් සමාජ සේවා ආමාත්යාංශය වෙත ලබාගෙන ඒ හරහා සිරිලිය සවිය සංවිධානයට ලබා දී තිබූ ඩිෆෙන්ඩර් රථය යෝෂිත රාජපක්ෂ මහතාගේ පරිහරණය සඳහා ලබාදී තිබීම සම්බන්ධයෙන් කටඋත්තර ලබාදීමට තමන්ට මාසයක කාලයක් ලබා දෙන ලෙස හිටපු ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
පසුගිය 27වනදා ඇයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දන්වා තිබුණද තමන්ට එදින පැමිණිය නොහැකි බව ශිරන්ති රාජපක්ෂ මහත්මිය සිය නීතීඥයින් මාර්ගයෙන් දන්වා තිබිණි.
මේ වනවිට වාර්තා වන්නේ එම කටඋත්තරයට අදාළ ලියකියවිලි සකස් කර ගැනීමට අවශ්ය බැවින් එම කටඋත්තරය ලබාදීමට තමට මාසයක කාලයක් ලබා දෙන ලෙස ශිරන්ති රාජපක්ෂ මහත්මිය විසින් ඉල්ලා ඇති බවය.
වසීම් තාජුඩීන් ඝාතන සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී මෙම ඩිෆෙන්ඩරය හමු වී තිබිණි.