ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

තාජුඩීන් ඝාතනය ගැන ප්‍රශ්ණ කිරීමට ශිරන්ති රාජපක්‍ෂ අද CID කැඳවයි..!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිද ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය වසිම් තාජුඩීන් ඝාතනය ගැන ප්‍රකාශයක් ලබාගැනීමට අද (27) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබෙනවා. අද උදෑසන 9.00 ට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙසටයි ඇයට දැනුම්දී ඇත්තේ.

සිරිලිය සවිය පදනමට රතු කුරුස සංවිධානය මගින් ලබාදී තිබූ ජීප් රථයක් යෝෂිත රාජපක්‍ෂගේ පරිහරණයට ලබාදීම සම්බන්ධයෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ. සිරිලිය සවිය පදනමට අයත් ඩිපෙන්ඩරයක් තාජුඩීන් ඝාතනය සදහා යොදාගත් බව පරීක්ෂණ වලදී හෙලිවී ඇත.