සුදු වෑන් පැහැරගැනීමට බාධාකළ පිරිස් ගැන විශේෂ විමර්ශනයක්
වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ රයින් ජයලත් ශිෂ්‍යයා අධිකරණයේ පැවැත්වෙන නඩුවකට අවශ්‍ය පුද්ගලයෙකු බවත් නඩුවකට පෙනී නොසිටීම නිසා ඔහු වරෙන්තුකරුවෙකු බවද, ඔහු අත්අඩංගුවට ගැනීමට යාමේදී එයට බාධාකළ පිරිස් පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා අද (23දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කළේය.
මෙම සිදුවීම පිළිබඳව පළවී තිබෙන විද්‍යුත් දර්ශන පරීක්ෂා කිරීම ආරම්භ කර තිබෙන බවත්, මීට අමතරව බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ විශේෂ විමර්ශනයක්ද සිදුවන බවද මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.