ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

වෛද්‍ය ශිෂ්‍යයා පැහැර ගැනීමේ උත්සාහය කුමන්ත්‍රණයක් – මංගල සමරවීර

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ(21) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ එම සිදුවීම තරයේ හෙලා දකින බවයි. ඒ වගේම පොලීසියේ ඇතැම් පුද්ගලයන් රජය අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවද ඔහු පැවසීහ.

වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සහ දැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය තීරණය කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සදහා බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පත්කර ඇතිබවයි.

පොලීසියේ යම් පුද්ගලයන් රජය අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටිනවා – මංගල වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැදවුම්කරු රයන් ජයලත් පැහැර ගැනීමට උත්සහ දැරීමේ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට පොලිසිය තීරණය කර තිබෙනවා.පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ ඒ සදහා බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නන්දන මුණසිංහ මහතා පත්කර ඇතිබවයි.මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් පළ කරමින් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහන් කළේ පොලීසියේ යම් පුද්ගලයන් රජය අපකීර්තියට පත්කිරීමේ කුමන්ත්‍රණයක නිරතව සිටින බවයි.

Posted by Hiru News on Friday, July 21, 2017