වෛද්‍ය ශිෂ්‍යයා සුදු වෑන් රථයෙන් පැහැර ගැනීමේ තැත වරදියි – (වීඩියෝ)
සයිටම් විරෝධී ජනපවුර විසින් අද (20) OPA ආයතනයේදී සංවිධානය කර තිබූ ඒකාබද්ධ සාකච්ඡාවකින් අනතුරුව ඉන් පිටතට පැමිණීමේදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් බලහත්කාරයෙන් රැගෙන යාමට උත්සහ කර තිබූ අතර එම ස්ථානයේ රැඳී සිටි දේශපාලන හා සිවිල් සංවිධාන නියෝජිතයන්ගේ මැදිහත් වීම මත එය ව්‍යර්ථ වී තිබුණි.
පෙරවරු 12.00 පමණ සිට එම ස්ථානයේදී ශිෂ්‍ය නියෝජිතයන් ඇතුළු පිරිස සාකච්ජාවේ නිරතව සිට ඇති අතර සන්ධ්‍යාවේ පිරිස විසිර යන අවස්ථාවේ ශිෂ්‍යයන් ලුහුබඳිමින් ඔවුන් බලහත්කාරයෙන් රැගෙන යාමට පොලිසිය හා සිවිල් කණ්ඩායමක් උත්සහ දරා ඇත. ශිෂ්‍ය ක්‍රියාකාරිකයන් සම්බන්ධයෙන් මේ වන විට සිදු කෙරෙමින් පවතින විමර්ශන වලට අදාළව රයන් ජයලත් එක් සැකකරුවෙකු බවත් ඔහුව අත්අඩංගුවට ගැනීමේ අවශ්‍යතාවක් ඇති බව පොලිසියේ නිලධාරියෙක් පිරිස දැනුවත් කර තිබේ. එහෙත් රයන් ජයලත් අත්අඩංගුවට ගැනීමට අදාළව වරෙන්තුවක් හෝ පොලිසිය සතුව තිබී නැත.
https://www.youtube.com/watch?v=FJTRrwtD4UM