ඉන්දියාව දෙසතියකින් ශ්‍රී ලංකාවේ
ලෝකයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම අනුව අංක 1 ස්ථානය හිමිකරගෙන සිටින ඉන්දියාව සහ හත්වැනි ස්ථානය හිමි ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන ටෙස්ට් තරගාවලිය මේ මස 26 වැනිදා ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වේ. තරග තුනකින් සමන්විත මෙම තරගාවලියේ දෙවැනි තරගය කොළඹ එස්. එස්. සී. පිටියේදීද තුන්වැනි තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදීද පැවැත්වේ.
ශ්‍රී ලංකා කණ්ඩායම මාස 13 ක් ඇතුළතදී ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අතරේ අංක 1 හිමි කණ්ඩායමට මුහුණ දෙන දෙවැනි අවස්ථාව මෙයයි. පසුගිය වසරේදී ඕස්ටේ්‍රලියානු පිල ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේදී ඕස්ට්‍රේලියානු පිලද ටෙස්ට් ශ්‍රේණිගත කිරීම් අනුව 1 වැනි ස්ථානයේ සිටියේය. එම ටෙස්ට් තරගාවලියේදී ඕස්ට්‍රේලියානු පිල පරදවා 3-0 ක තරගාවලි ජයක් ලබාගැනීමට ශ්‍රී ලංකා පිලට හැකිවිය. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවසන් වරට පැවැති ටෙස්ට් තරගාවලියේදී (ශ්‍රී ලංකාවේදී) ඉන්දීය පිල 2-1 ක තරගාවලි ජයක් ලබාගත්තේය.
ටෙස්ට් තරගාවලියට අමතරව එක්දින තරග 5 කට සහ විස්සයි 20 තරගයකටද ඉන්දීය පිල සහභාගි වේ. පළමු එක්දින තරගය දඹුල්ලේදීද ඉතිරි තරග පල්ලෙකැළේදී සහ කොළඹදී පැවැත්වේ.
තරග කාල සටහන
■ ජූලි 26 – 30 : පළමු ටෙස්ට් තරගය ගාල්ල අන්තර්ජාතික ක්‍රීඩාංගණයේදී
■ අගෝස්තු 3 – 7 : දෙවැනි ටෙස්ට් තරගය කොළඹ එස්. එස්. සී ක්‍රීඩාංගණයේදී
■ අගෝස්තු 12 – 16 : තුන්වැනි ටෙස්ට් තරගය පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී
■ අගෝස්තු 20 – පළමු එක්දින තරගය දඹුල්ලේදී
■ අගෝස්තු 24 – දෙවැනි එක්දින තරගය පල්ලෙකැළේදී
■ අගෝස්තු 27 – තුන්වැනි එක්දින තරගය පල්ලෙකැළේදී
■ අගෝස්තු 31 – සිවුවැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ සැප්තැම්බර් 3 – පස්වැනි එක්දින තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
■ සැප්තැම්බර් 6 – විස්සයි-20 තරගය ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී