සයිටම් නඩුවට මැදිහත්වෙන්න GMOA ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
සයිටම්හි වෛද්‍ය උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය ලබා දුන් නියෝගයට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ඉදිරිපත් කළ අභියාචනා පෙත්සම් විභාගයට මැදිහත්වී කරුණු දැක්වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට අවසර ලබාදී තිබේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් ගොනුකර ඇති පෙත්සමක් අද(5) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් කර තිබුණු ඉල්ලීමක් පිළිගනිමින් මෙම අවසරය ලබාදී තිබේ. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණි මාරපන මහතා මෙය වෛද්‍ය ක්ෂේත්‍රයට වැදගත් වන කරුණක් බැවින් තම සංගමයට මැදිහත් වී කරුණු දැක්වීමට හිමිකමක් පවතින බවද පෙන්වා දී තිබිණි.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද දිනයේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීම පිළිගනිමින් අධිකරණය හමුවේ කරුණු දක්වන ලෙසත්, මීළඟට අගෝස්තු 03-04 යන දිනයන්හි මෙම නඩුව කැඳවන බවත් ප්‍රකාශයට පත්කරන ලදී.