NewsSlider මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්න – සමස්ත ලංකා ගොවිජන සම්මේලනය July 5, 2017 Kamal Dhammika මොරගහකන්ද ජලාශයේ ජලය වහා නිදහස් කරන්නැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනය රජයෙන් ඉල්ලා සිටින බව එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අද (05) මොරගහකන්ද ජලාශයේ නැරඹූම් ස්ථානයේ විශේෂ මාධ්‍ය හමුවක් කැදවමින් ප්‍රකාශ කළේය. දැනට පොළොන්නරුව ,අනුරාධපුර ,මාතලේ ,හා ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවල විශාල ජල හිඟයක් පවතින බවත් එහි වගා කළ ගොවිබිම් ජලය නොමැතිව විනාශ වෙමින් පවතිද්දී කන්ද උඩරටින් ලැබෙන ජලය අලුතින් ඉදිකරනු ලැබූ මොරගහකන්ද ජලාශයේ රඳවා විදුලි බලය නිෂ්පාදනයක් අත්හදා බලන්නට යාම වැරදි බවත් මේ ජලාශය ඉදිකිරීමට කිසිදු විරුද්ධත්වයක් නොමැති බවද හෙතෙම වැඩි දුරටත් ප්‍රකාශ කළේය. Post Views: 663 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print