රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අඛණ්ඩ වැඩවර්ජනය අත්හිටුවයි!
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් හෙට දිනයේ සිට ආරම්භ කිරීමට නියමිතව පැවති අඛණ්ඩ වැඩවර්ජනය සතියක කාලයක් අත්හිටුවීමට තීරණය කර තිබේ.
අද (04) පැවති විධායක කමිටු රැස්වීමේදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මෙම තීරනය ගෙන තිබේ. අස්ගිරි පාර්ශවයේ හිමිවරුන් හමු වී ගත් තීරණ හා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් කළ ඉල්ලීම සැලකිල්ලට ගෙන හා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මේ සම්බන්ධයෙන් පවතින එඟතා සම්බන්ධව විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට එකඟ වීම මත මෙම තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
මේ අතර අද පස්වරු 4ට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හා කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් අතර සාකච්ඡාවක් පැවැත්වෙන බවද වාර්තා වේ.