‘සයිටම් ජනසතු කරනු’ – වෛද්‍යවරු 05දා සිට අඛණ්ඩ වර්ජනයක
මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතු කරන ලෙස බල කරමින් බදාදා (5) පෙරවරු 8 සිට අඛණ්ඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. වැඩ වර්ජනය සිදුකරන ආකාරය පිළිබඳව ඉදිරි පැය 24 දී තීන්දු කරන බවද වර්ජනයට අනෙකුත් වෘත්තීය සමිතිවල සහාය ලබාගන්නා බවද එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා කීවේය.
ඒ අනුව දිස්ත්‍රික්ක මට්ටමින් කමිටු පිහිටුවා මෙම අර්බුදය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් වෘත්තිය සමිති ඇතුළු ක්‍රියාකාරීන් සංවිධාන කිරීම හා මෙම අර්බුදය විසඳීම සඳහා අනිකුත් වෘත්තිය සමිති හා සංවිධානවල සහයෝගය ලබා ගැනීම ද මේ අතර මුලික වෙයි.
මෙහිදී අදහස් දක්වමින් වෛද්‍ය නලින්ද හේරත් මහතා කියා සිටියේ සාකච්ඡාවක් සිදු කළ පමණින් අදාළ වෘත්තිය තීරණ නවතා නොදමන බවත් එකඟතාවයක් මත පමණක් අවසන් තීරණයකට එළඹිය හැකි බවත්ය.