රජය අවලංගු කලබව කියූ උදයංගගේ රාජතාන්ත්‍රික ගමන් බලපත්‍රය අධිකරණය අද තහනම් කරයි
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මහතාට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිකුත් කර ඇති රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය සහ තවත් විදේශ ගමන් බලපත්‍රක් භාවිත කිරීම කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තහනම් කර තිබේ. අදාළ නඩුව අද(30) කැඳවූ අවස්ථාවේ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එම තහනම් නියෝගය නිකුත් කළේය.
නමුත් මීට පෙර රජය විසින් ප්‍රකාශ කරන ලද්දේ උදයංග වීරතුංගට අයත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රය අහෝසි කරන ලද බවයි. ඒ පාර්ලිමේන්තුවේදි ජවිපෙ මන්ත්‍රි නලින්ද ජයතිස්ස මහතා යොමුකල ප්‍රශ්ණයකට පිලිතුරු ලබාදෙමිනි.
2009 වසරේදී යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීම සඳහා මැදිහත්වී අයුතු ආකාරයෙන් මුදල් උපයාගැනීම සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසය ඔහුට එරෙහිව නඩු පවරා තිබේ. ඒ අනුව පසුගිය වර්ෂයේ ඔක්තෝබර් 16 වන දින උදයංග වීරතුංග මහතා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කළේය.ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වී ඇති උදයංග සම්බන්ධ තොරතුරු රතු නිවේදන මගින් පොලීසිය රටවල් ගණනාවකට යවා තිබේ.
මිග් යානා ගනුදෙනුව ඇතුළු බරපතළ මූල්‍ය වංචා සම්බන්ධයෙන් මූල්‍ය අජරාධ කොට්ඨාසයට අවශ්‍යව සිටින උදයංග වීරතුංග එම පරීක්ෂණවලට පෙනී නොසිට මෙරටින් පලා ගොස් සැඟවී ඇති බව මූල්‍ය අපරාධ කොට්ඨාසය කියා සිටියි. ඔහු සැඟවී ඇතැයි සැක කෙරෙන ස්ථාන කිහිපයක්ම මේ වන විට ජාත්‍යන්තර පොලීසිය මගින් පරීක්ෂාවට ලක් කර ඇතත් ඔහු එම ස්ථානවලින් පලා ගොස් විදෙස් ගමන් බලපත්‍රය ද වෙනස් කර තැනින් තැනට යමින් සැඟවී සිටින බවට පොලීසිය සඳහන් කරයි.