ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ජනාධිපති ලේකම් ඉල්ලා අස්වෙයි

ජනාධිපති ලේකම් පී.බී අබේකෝන් මහතා අද (30) පස්වරුවේ තම ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත බාරදී ඇති බව ආරංචි මාර්ග පවසයි. පුද්ගලික හේතුවක් නිසා අබේකෝන් මහතා ඉල්ලා අස්වූ බව සඳහන්ය.

2015 ජනවාරි මස 08 වන දින පැවති ජනාධිපතිවරණයෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කිරීමෙන්  පසු 2015 ජනවාරි මස 09 වන දින පී.බී අබේකෝන් මහතා ජනාධිපති ලේකම්වරයා ලෙස පත්කරනු ලැබිණි.