වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සත්‍යග්‍රහ නවතන්න උසාවි නියෝගයක්
කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට සත්‍යග්‍රහයක් පවත්වාගෙන යාමට වෛද්‍යපිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය ඉදි කළ අට්ටාලය ඉවත් කර ගන්නැයි අද (29) පස්වරුවේ නියෝග කලේය. ඒ කොටුව පොලිසිය හා දුම්රිය ආරක්ෂක අංශය කළ ඉල්ලීමක් සලකා බලමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න විසිනි.
වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංසදයේ සභාපති හේමන්ත ද සිල්වා මහතා සහ ජවිපෙ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස ඇතුළු 12 දෙනකුට මෙම නියෝගය නිකුත් කෙරිණ.
කොළඹ පැවැත්වූ සයිටම් විරෝධී උද්ඝෝෂණයේ දී සිසුන්ට පහරදීම සහ අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියට විරුද්ධව වෛද්‍යපිඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය විසින් ඊයේ(28) කොළඹ දී විරෝධතා පා ගමනක් පැවැත්වූ අතර එය පුරහල විහාර මහා දේවි උද්‍යානය අසලින් ආරම්භ වී කොටුව දක්වා ගමන් කලේය. පසුව කොළඹ කොටුව දුම්රියපළ ඉදිරිපිට අට්ටාලයක් ඉදි කර සත්‍යග්‍රහයක් අරඹනු ලැබීය.
කෙසේ වෙතත්, ලබන සතියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක් දියත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය කර අැති අතර එම වර්ජනයට අනෙකුත් ප්‍රබල වෘත්තීය සමිති සම්බන්ධ කර ගැනීමට අපේක්ෂා කරන බව සදහන්.
මේ වන විට ඒ පිළිබඳව සාකච්ඡා කරමින් තිබෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිෙව්දනය කර තිෙබ්.