තාජුඩීන් ඝාතනයේ පරීක්ෂණවල ප‍්‍රගතිය අධිකරණය CIDයෙන් විමසයි
රගර් ක‍්‍රීඩක වසීම් තාජුඞීන් ඝාතන සිද්ධියට අදාළ පරීක්ෂණවල ප‍්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 27 වනදා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද (29) නියම කර ඇති බව වාර්තාවේ.
අදාළ නඩුව කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් එල් ඩී වැලිගම්පිටිය මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම ප‍්‍රගතිය සම්බන්ධයෙන් වාර්තාව ලබාදෙන ලෙස නියම කර ඇත.
එදිනට හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානයකට හා නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් චම්පික පෙරේරාට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද නියෝග කර ඇත.