උමාඔය කළු හර්තාලය සාර්ථකයි..! බස් නෑ..පාසල් සිසුන් නෑ..කඩ වහලා – නගරයට ජනගගක් – (PHOTOS)
උමාඔය බහුකාරී ව්‍යාපෘතියට එරෙහිව මේ වන විට බණ්ඩාරවෙල නගරයේ හර්තාල් ව්‍යාපාරයක් පැවැත්වෙනවා. නගරයේ කඩ සාප්පු සියල්ල වසා දමා ඇති අතර බණ්ඩාරවෙල තොග වෙළෙදපොල සහ එළවළු වෙළෙදපොල ද වසා දමා ඇති බවයි වාර්තා වන්නේ.
පුද්ගලික බස් රථ කිසිවක් බණ්ඩාරවෙල නගරයෙන් ධාවනය නොවන බවද වාර්තාවේ. බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලය, ධර්මාශෝක විද්‍යාලය, විශාකා, ශාන්ත ජෝෂප්, කුඩා කුසුම්, සීවලී හා ධර්මපාල විද්‍යාලයන් හි සිසුන් පැමිණීම ඉතා පහත මට්ටමක පවතින බවද ඔහු සඳහන් කළා. පාසල් වෑන් මගින් ද, පුද්ගලික බස් රථ මගින් ද සිසුන් ප්‍රවාහනය නොකරන බව ඊයේ දිනයේ නිවේදනය කොට තිබුණා.
බිදුණුවැව සිට බණ්ඩාරවෙල දක්වා නගරයේ සෑම තැනම කළු කොඩි ඔසවා ඇති අතර කිණිගම ඇතුළු ප්‍රදේශ ගණනාවක අවමංග්‍ය උත්සවයක්සඳහා සකසන අයුරින් කොඩි ඔසවා තිබෙනවා.
.jpg)
.jpg)
.jpg)



