අන්තරේ කැඳවුම්කරු ළහිරු වීරසේකර අත්අඩංගුවට
Update
අත්අඩංගුවට ගත් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජික ෆයිසාන් අහමඩ් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ. මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් ලබන මස 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව වාර්තාවේ.
පසුගිය 21වැනිදා කොළඹ වෝඩ් පෙදෙස සෞඛ්‍ය අමාත්‍යංශ ගොඩනැගිල්ලට බලහත්කාරයෙන් ඇතුළුවී එහි දේපළවලට හානි කිරීම ඇතුළු චෝදනා යටතේ ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනිණි.
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු ළහිරු වීරසේකර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අද (23) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකට එක්වී සිටි ඔහු එම මාධ්‍ය හමුවෙන් පසුව පිටවයාමේදී පොලිසිය මෙසේ අත්අඩංගුවට ගෙනඇත. ඔහු සමග තවත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ සාමාජිකයකු අත්අඩංගුවට ගනු ලැබිණි.
අත්අඩංගුවට ගැනීමට පොලිසිය පැමිණීමත් සමග ළහිරු වීරසේකර පළා යාමට උත්සහ කළත් එය අසාර්ථක වූ බව පොලිසිය කියයි.
පෙරේදා (21) පැවති සයිටම් විරෝධී සිසු විරෝධතා ව්‍යාපාරය අතරතුරදී සෞඛ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් කඩාවැදී රාජ්‍ය දේපළවලට හානි සිදුකළ බවට එල්ලවන චෝදනාවන්ට අදාළව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව සඳහන්ය.