වෛද්‍යවරු අඛණ්ඩ වැඩ වර්ජනයක් දක්වා තීන්දුව දැඩිකරයි.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කර තිබූ වැඩවර්ජනය අඛණ්ඩ වැඩවර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කර තිබේ.රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (22) පෙරවරු 8.00 සිට ආරම්භ කර ඇති වැඩවර්ජනය හේතුවෙන් දිවයිනේ රෝහල් රැසක කටයුතු සම්පූර්ණයෙන්ම පාහේ අඩපණ වී තිබෙනවා.
සයිටම් විරෝධී සිසු උද්ඝෝෂණයට සිදුකළ පහරදීම හා මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය පළ කිරීමේ අරමුණින් අද(22) පෙරවරු 8.00 සිට මධ්‍යහ්න 12.00 දක්වා වැඩවර්ජනයක නිරත වීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තීරණය තිබුණි.
ඒ පිළිබඳව වැඩිදුර තීරණ ගැනීම සඳහා අද දහවල් 12.00ට එම සංගමයේ හදිසි මධ්‍යම කාරක සභා රැස්වීමක් පැවැත්වුණු අතර බලධාරීන්ගේ අත්තනෝමතික හැසිරීම් හා වගකීම් විරහිත ක්‍රියා කලාපයට විරෝධය පළ කරමින් වර්ජනය අඛණ්ඩ වර්ජනයක් දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව එම සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසුවේය.
කෙසේවෙතත් වැඩවර්ජනය ක්‍රියාත්මකවන කාලය තුළ සියලු රෝහල් වල හදිසි ප්‍රතිකාර සේවා කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර සියලු ඩෙංගු ප්‍රතිකාර කටයුතු ද කිසිඳු බාධාවකින් තොරව පවත්වාගෙන යන බව වෛද්‍ය නවීන්ද සොයිසා මහතා කියා සිටියේය.