පොලිස් ප්‍රහාරයෙන් සරසවි සිසුන් 87ක් ජාතික රෝහලට – (PHOTOS)
සෞඛ්‍ය අමාත්‍යාංශයට බලහත්කාරයෙන් ඇතුළු වු සරසවි සිසුන් විසුරුවා හැරීමට එල්ලකල පොලිස් ප්‍රහාරයේදී තුවාල ලැබූ සරසවි සිසුන් 87 ක් පමණ කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.රෝහලට ඇතුළු කළ රෝගීන්ගෙන් 50 දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන බව රෝහල් ආරංචි පවසයි. මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරන ලෙස ඉල්ලමින් සරසවි සිසුන් මෙලෙස අද(21) විරෝධතාවයේ නිරත විය.
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව අද දහවල් සෞඛ්‍ය අමාත්‍යංශයට කඩා වැදුණු අතර පැය තුනකට ආසන්න කාලයක් එහි රැඳී සිටියහ. පසුව පොලිස් විශේෂ කාර්ය බළකාය ඔවුන් විසිරුවා හැරීමට කටයුතු කළේය.












