ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

2013 දිනේෂ් ගෙනා යෝජනාවට එරෙහිව 2017 දිනේෂ්ම විවාදයක් ඉල්ලයි.

විටින් විට නැගී එන ආණ්ඩු විරෝධී සටන් පාඨ ඒකාබද්ධ විපක්ෂය විසින් සිය දේශපාලන වුවමනාවන් සඳහා භාවිතා කරමින් සිටින අතර සයිටම් විරෝධයේදී සිදුවූයේ ද එයයි. ඒ අනුව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තුවේ  ප්‍රධානියා වන දිනේෂ් ගුණවර්ධන විසින් සයිටම් ආයතනය හා එහි වෛද්‍ය උපාධිය සම්බන්ධයෙන් විශේෂ පාර්ලිමේන්තු විවාදයක් අවශ්‍ය බව පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කර තිබේ.
මෙහි විශේෂත්වය වන්නේ සයිටම් ආයතනයට වෛද්‍ය උපාධිය ලබාදීම සඳහා සහ සයිටම් ආයතනය පිහිටුවීමට අවසරය ලබාදුන් පුද්ගලයන්ටම ආණ්ඩු විරෝධී සටන් පාඨයක් ලෙස සයිටම් සටනට එක්වීමට සිදුවීමයි. බලයෙන් මත්වී පිස්සු නටමින් සිටි ඒකාබද්ධ විපක්ෂය බලය අහිමි වූ විට මනස විකල්වූවන් ලෙස මෙසේ හැසිරීම පුදුමයක් නොවේ.
2013 වසරේ දෙසැම්බර් මස 11 වැනිදා එවක උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතා වෙනුවෙන් එවක ආණ්ඩු පක්ෂයේ සංවිධායක දිනේෂ් ගුණවර්ධන මහතා සයිටම් ආයතනය පිහිටුවීමේ ගැසට් නිවේදනයට අදාල යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. එහෙව් දිනේෂ් දැන් විපක්ෂයේ සිටිමින්, සයිටම් ආයතනයට එරෙහිව පාර්ලිමේන්තු විවාදයක් ඉල්ලීම දෛවෝපගත සිදුවීමකි.