ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

අනුර සේනානායක වසරකට පස්සේ ඇප ලබා ගෙදර යයි

රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන් ඝාතනයේ සාක්ෂි වසන් කළැයි සැකපිට වසරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක අද (05) ඇප තැම්පත් කර අධිකරණයෙන් පිටව ගොස් තිබේ.

තාජුඩීන් ඝාතනයේ තොරතුරු වසන් කළ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකාර හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා, රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රු. ලක්ෂ 50  බැගින් වූ ශරීර  ඇප 3ක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරුවරයා නියෝග කර තිබිණි.

මහාධිකරණ නියෝග පරිදි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි  ඉදිරියේ ඇප තැබීම සිදු කෙරුණා. ශරීර ඇපකරුවන් ලෙස ඔහුගේ පුත්‍රයා සහ සහෝදරයා ඉදිරිපත් වූ අතර ගුවන් ගමන් බලපත්‍රයද අධිකරණයේ තැම්පත් කෙරුණා. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට පසුගිය ජූනි 02 වන දින කොළඹ මහාධිකරණයෙන් ඇප නියම කරනු ලැබිණි.