ශිෂ්‍ය දෙමාපිය සයිටම් විරෝධී පාගමනට අදත් කඳුළු ගෑස්
වෛද්‍ය සිසුන් හා මව්පියන් ඒකාබද්ධව සයිටම් විරෝධී පාගමනක් අද (24) පෙරවරුවේ සංවිධානය කර තිබුණු අතර එම පාගමනට ගාලුමුවදොරට පිවිසෙන ලෝටස් වටරවුමේ ගුවන්පාලම අසළදී පොලීසිය විසින් කඳුළු ගෑස් හා අධි පීඩන ජල ප්‍රහාරයක් එල්ල කර තිබේ.
කෙසේ වෙතත් විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා පොලීසිය විසින් එල්ල කරන ලද අධි පීඩන ජල ප්‍රහාරයෙන් ඇද වැටුණු මාධ්‍යවේදියෙකුද තුවාල ලබා රෝහල් ගතකර තිබේ.