ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සිසුන් බඳවා ගැනීම නතර කලා – නෙවිල් ප්‍රනාන්දු

මාලබේ සයිටම් වෛද්‍ය විද්‍යාලය සඳහා අලුතින් සිසුන් ඇතුළත් කිරීම නතර කළ බව එම වෛද්‍ය විද්‍යාලයේ සභාපති වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කළේය.

මේ බව තමාට අධ්‍යාපන අමාත්‍යාංශයෙන්ද දැනුම් දුන් බව පැවසූ සයිටම් සභාපතිවරයා සයිටම් විරෝධී වෛද්‍යවරුන් ඊළඟට ගන්නා ක්‍රියා මාර්ග කුමක්‌දැයි ප්‍රශ්න කර සිටියේය.

මේ අතර තම පෞද්ගලික රෝහල රජයට පැවරීමට පෙර එහි තිබෙන සියලුම භාණ්‌ඩ සහ පිරිස්‌ බලය පිළිබඳව තක්‌සේරු නිලධාරීන් රෝහලට පැමිණ ගණන් බලා ගොස්‌ ඇති බවත් හෙතෙම කියා සිටියේය.