ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

විශ්ව විද්‍යාල සිසුන්ට පහරදීමට එරෙහිව වෛද්‍යවරු සදුදා වැඩවර්ජනයක් අරඹයි.

සයිටම් ආයතනය වසා දමන ලෙස බලකරමින් පෙරේදා කොළඹදී උද්ඝෝෂණය කළ විශ්වවිද්‍යාල සිසුන්ට එල්ල කළ පොලිස් ප‍්‍රහාරය ට විරෝධය දැක්වීම සදහා ලබන සදුදා (22) වරුවක වැඩ වර්ජනයක යෙදීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ(18) තීරණය කළේය.

ඒ අනුව රටපුරා රජයේ රෝහල්වලට සේවය කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සමාජික වෛද්‍යවරුන් එදින පෙරවරු 8 සිට 12 දක්වා පැවැත්වෙන මෛම වැඩ වර්ජනයට සහභාගී වන බව රජයේ වෛදය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප‍්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද මහතා පැවසීය