ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් විරෝධී පාගමනට පුරහල අසලදී කදුළු ගෑස් ප්‍රහාරයක්

සයිටම් ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් සංවිධානය කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ පුරහල ප්‍රදේශයේදී පොලීසිය විසින් ජල හා කදුළු ගෑස් ප්‍රහාරයක් එල්ලකර ඇති බව වාර්තා වේ.මේ අතර කොළඹ පුරහල ප්‍රදේශය අසල දැඩි රථවාහන තදබදයක් පවතින බව ද   වාර්තාවේ.

මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරක්ෂා කිරීමට රජය කටයුතු කිරීම, සරසවි වලට සිසුන් බඳවාගැනීම කප්පාදුව, ප්‍රතිපාදන කප්පාදුව ඇතුළු ගැටළු කිහිපයක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ඇතුළු ශිෂ්‍ය ක්‍රියාකාරීන් මෙම විරෝධතාව පවත්වන බව සඳහන්වේ.

සයිටම් විරොධීන් හඹා යමින් සිටින පොලිසිය  විහාර මහා දේවි උද්‍යානයට කඳූළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් හඹා යන්නට විය. මෙලෙස කඳුළු ගෑස් ගැසීම නිසා උද්‍යානයේ සිටි සාමන්‍ය ජනතාව ද මහත් අපහසුතාවට පත් විය.

උද්‍යානයේ ආපන ශාලාවේ සහ වැසිකිළිවල ජලය කපා හැර ඇති අතර විහාර මහා දේවී උද්‍යානයට කඳුළු ගෑස් ගැසීම සම්බන්ධයෙන් එහි සිටි සාමාන්‍ය වැසියෝ පොලිසියට දෝෂාරෝපණය කළහ.

එහෙත් ඒ බව තඹයකට මායිම් නොකළ පොලිසිය ආපන ශාලා තුළට මෙන්ම වැසිකිළිවලට ද කඳුළු ගෑස් ගසමින් විරෝධතාකරුවන් එළියට ගැනීමට උත්සහ කළේය.

කඳුළු ගෑස් නිසා අපහසුතාවට පත් ජනයා උද්‍යානයේ පොකුණුවලින්ද මුහුණු සෝදාගැනීමට උත්සුක වනු පෙනිණි.