NewsSlider සයිටම් පිළිබඳ අද නිකුත්වු රජයේ ස්ථාවරය මෙන්න…! May 16, 2017 Kamal Dhammika ජනාධිපති ලේකම් කාර්යාලය, උසස් අධ්‍යාපන සහ මහාමාර්ග අමාත්‍යාංශය මෙන්ම සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය එක්ව නිවේදනයක් නිකුත් කරමින් මාළඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබේ. එ අනුව මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතීන් සහ අධ්‍යාපනයේ නිදහස තහවුරු කිරීමට රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණ මෙම නිවේදනය මඟින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත. * වෛද්‍ය උපාධියට අදාල අවසන් පරීක්ෂණය සමත් මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ සිසුන්ට හෝමාගම හෝ අවිස්සාවේල්ල රජයේ රෝහල්වල සායනික පුහුණුව ලබාදීම. *ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අධීක්ෂණය යටතේ පවත්වනු ලබන පරීක්ෂණයකට සයිටම් සිසුන් පෙනී සිටීම අනිවාර්ය වීම. *මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට අදාල රජයේ තීරණ ක්‍රියාත්මක කරන තෙක් ඒ සඳහා අලුතින් සිසුන් බදවා ගැනීම මාළඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අත්හිටුවිය යුතු බව. * නවීන පහසුකම්වලින් සමන්විත වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගෙන ශික්ෂණ රෝහලක් ලෙස ජනතාවට නොමිලේ සෞඛ්‍ය සේවා සැපයීමට ද රජය තීරණය කර ඇති බව. *වෛද්‍ය අධ්‍යාපනය හැදැරීම සඳහා නියමිත අනිවාර්ය මූලික සුදුසුකම් අත්‍යවශ්‍ය කොන්දේසියක් ලෙස නීතිගත කිරීමටද රජය තීරණය කර තිබේ. *එමෙන්ම රජයේ විශ්වවිද්‍යාලයකට ඇතුළත් වීමේ වරම් නොලබන සිසුන්ට මෙරටදීම උසස් අධ්‍යාපනය ලැබීමේ අවස්ථා පුළුල් කිරීම හා ඒ සඳහා ප්‍රමිතිගත පදනමක් මත පෞද්ගලික අංශයේ සහය ලබාගැනීමට සූදානම් බව. *පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන මගින් මෙරට සිසුන් සඳහා ලබාදෙන ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම සඳහා අදාල ආයතනවලට උපදෙස් ලබාදීම සහ රාජ්‍ය විශ්වවිද්‍යාල කෙරෙහි වැඩි අවධානයක් යොමු කර රජයේ වෛද්‍ය පීඨ සඳහා බදවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහල නැංවීම හා නව වෛද්‍ය පීඨ ඇරඹීම රජයේ ස්ථාවරය බව. Post Views: 1,662 Share on Facebook Share Share on TwitterTweet Share on Pinterest Share Share on LinkedIn Share Send email Mail Print Print