ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

සයිටම් ආයතනයට සිසුන් බඳවා ගැනීම අත්හිටුවන්න – රජය සයිටම් ආයතනයට දැනුම්දෙයි.

සයිටම් ආයතනයට නවක සිසුන් බඳවා ගැනීම අත්හිටුවන ලෙස රජය විසින් සයිටම් ආයතනයේ කළමානාකාරිත්වයට දන්වා තිබේ. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් හා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හරහා  මෙම ඉල්ලීම කර තිබේ. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය සහ සයිටම් ආයතනය විධිමත් කිරීම සම්බන්ධයෙන් රජය ගෙන ඇති ප්‍රතිපත්තිමය තීරණය ක්‍රියාත්මක කරනතෙක් මෙසේ නවක සිසුන් බඳවා ගැනීම නතරකරන ලෙස රජය විසින් එම ආයතනයෙන් ඉල්ලීමක් කළ බව උසස් අධ්‍යාපන හා මහාමාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවැසී ය.

සයිටම් ආයතනය ඇතුළු වෛද්‍ය අධ්‍යාපනයට ආයෝජනය කරන ආයතන කොළඹ කොටස් වෙළෙඳ  ‍පොළේ ලැයිස්තු ගත කිරීම මෙම ආයතනවල අධ්‍යාපනය හා පරිපාලනය ඉහළ ප්‍රමිතියකින් පවත්වාගෙන යෑම සඳහා පාලක මණ්ඩලය පත් කිරිම නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගෙන ශික්ෂණ රෝහලක් බවට පත් කිරීම, පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සඳහා ශිෂ්‍යත්ව ප්‍රමාණය වැඩි කිරීම ඇතුළු පියවර රැසක් ක්‍රියාත්මක කිරීමට රජය ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන ඇති නිසා ඒ සඳහා යම් කාලසීමාවක් අවශ්‍ය බවද ඇමැතිවරයා පැවැසීය.