ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

ශ්‍රී ලංකා වෛද්‍ය සභා කාර්යාලයට අත්බෝම්බ ප්‍රහාරයක්.

කිසියම් අයෙකු ඊයේ රාත්‍රි 10.30 ට පමණ වෛද්‍ය සභාව ඉලක්ක කර මෙම අත්බෝම්බය එල්ල කරන්න ඇති බව වාර්තාවේ. කෙසේ වෙතත් එය පුපුරාගොස් නැති බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික වෛද්‍ය උපුල් ගුණසේකර  සදහන් කරයි.

පෙර දින රාත්‍රී කිසියම් දෙයක් වැටුණු ශබ්දයක් ඇසී බැලුවද කිසිවක් නොදුටු බවත්, අද අලුයම එම භූමියේ තිබී පිපිරී නොගිය අත් බෝම්බය දුටු බවත් එහි ආරක්ෂක අංශ පොලිසියට පවසා ඇත. ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජික  වෛද්‍ය උපුල් ගුණසේකර මහතා පවසා සිටියේ මෙම ස්ථානයේ වෛද්‍යවරුන්ගේ ලිපි ගොනු හා නඩු වාර්තා රැසක් ගබඩා කර ඇති බවයි.

එම අත්බෝම්බයේ ආරක්ෂක අගුලද ඉවත් කර තිබූ බව පොලිසිය පවසයි.  පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්බෝම්බය නිශ්ක්‍රීය කර තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.