NewsSlider ඇමරිකානු පුරවැසිභාවය අත්හරින්නේ නැහැ – බැසිල් රාජපක්ෂ (වීඩියෝ) May 6, 2017 Kamal Dhammika තමන් සතු ඇමරිකානු පුරවැසිභාවය අතහැරීමට කිසිසේත්ම සුදානම් නොමැති බව හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ බීබීසී සිංහල සේවය ෆේස්බුක් අඩවිය ඔස්සේ සජීවීව විකාශනය කළ සංවාදයකට එක්වෙමින් පවසන ලදි. ඇමරිකානු පුරවැසිභාවය අතහරින්නට සුදානම් දැයි පැනයකින් ඇසූ විට බැසිල් රාජපක්ෂ හිටපු අමාත්යවරයා පැවසුවේ ඒ සඳහා තමන් කිසිසේත්ම සුදානම් නැති බවය. හිටපු අමාත්ය බැසිල් රාජපක්ෂ හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපපක්ෂ යන දෙදෙනාම ඇමරිකාවේ හා ශ්රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අය වෙති. ශ්රී ලංකා ආණ්ඩුක්රම ව්යවස්ථාවේ 19 වැනි සංශෝධනය මගින් ද්විත්ව පුරවැසිභාවය හිමි පුද්ගලයෙකුට මැතිවරණයකට තරග කිරීම වළක්වා තිබේ. තමන්ට හා මහින්ද රාජපක්ෂට මැතිවරණ සඳහා තරග කිරීම වැළැක්වීමේ අරමුණින් 19වැනි සංශෝධනය සම්මත කරගත් බව ඔහු ප්රකාශ කළ අතර එමගින් කිසිදු ජනාධිපති බලතලයක් අඩු නොවුණු බවද ඔහු පවසන ලදි. බැසිල් රාජපක්ෂ සමඟ කළ සම්පුර්ණ සංවාදය පහතින්.. Views: 640