ColomboXnews

News | Gossip | Political | Entertainment

LeadSlider

ඒකාබද්ධයේ කෑලි ගැලවෙයි

ඒකාබද්ධ විපක්ෂයේ මාතර දිස්ත්‍රික්කයේ ප්‍රබලයෙක් වන කාංචන විජේසේකර මහතා ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වන බවට නිවේදනය කර තිබේ. ඒ මහතාගේ ෆේස්බුක් පිටුවේ මේ සම්බන්ධයෙන් සටහන් කර තිබුනද ඒ සදහා හේතුවක් සදහන් කර නොමැත. කාංචන විජේසේකර යනු හිටපු ආමාත්‍ය මහින්ද විජේසේක මහතාගේ පුත්‍රයාය.

කෙසේ වුවද බැසිල් රාජපක්ෂ මහතා ඒකාබද්ධයේ බලය තහවුරු කර ගැනීමට උත්සහ කිරීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු බොහොමයක් කලකිරීමකින් පසු වන බවත් ඉදිරියේදී තවත් පිරිස් ඉදිරියේදී ඉවත් වනු ඇති බවත් වාර්තා වේ.

මේ අතර මාකදුර විහාස්ථානයේ ආගමික වැඩ සටහන වෙනුවෙන් කංචන විජේසේකර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැමිණි රැස්වීමට පැමිණියේ නැත.

ඔහුට මෙහි ආරාධිතයෙක් වශයෙන් එක් වීමට ආරාධනා ලැබතිබු අතර  ඇති වී ඇති ගැටුම් කාරිත්වයත් සමග මේ වන විට ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රිවරුන් ගේ ද අභ්‍යන්තර ගැටුමක් බව පත් වී ඇත.  මේ සම්බන්ධයෙන් මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ඩලස් අලහප්පරෙුම මහතාගෙන් විමසු අවස්ථාවේ දී එවැනි ගැටලුවක් නැති බව දක්වා ඇති අතර හිටපු ජනාධිපතිවරයාගෙන් මාධ්‍යවේදින් නැගු ප්‍රශ්නයේ දී ඩලස් මහත්තයාගෙන් අහගන්නා ලෙස දැන් වීමය. මේ සම්බන්ධයෙන් ඩලස් ඇමතිවරයා මාධ්‍ය ප්‍රකාශයක් දීමෙන් වැලකී සිටියේ ය. එහෙත් ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ මාතර දිස්ත්‍රික්ක නියෝජනය කරන මහින්ද යාපා, නිරෝෂන් ප්‍රේමරත්න, චන්ද සිරිබද්ධන ඇති සියලු නියෝජිතයින් මේ අවස්ථාවට එක් වී සිටිය ද කංචන මන්ත්‍රීතුමා පැමිණ සිටියේ නැත.