අර්ජුන් මහේන්ද්රන් අදත් බැඳුම්කර කොමිසමට එයි.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා ප්රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ අද(13) දෙවන වරටත් පෙනී සිටියි. ඒ අනුව අද පෙරවරු 9.30ට පමණ ඔහු කොමිසම හමුවට පැමිණී බව වාර්තාවේ.
හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්රන්, ප්රශ්නගත බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ පසුගිය සිකුරාදා පළමු වරට පෙනී සිටි අතර, එහිදී ඔහුගෙන් පැය 6ක කාලයක් ප්රකාශ ලබාගෙන තිබේ.