ලොව වයස්ගතම ක්‍රීඩකයා මිස්බා 6X6 එල්ල කරයි – (VIDEO)
මේ දිනවල හොංකොංහි පැවැත්වෙන විස්සයි20 තරගාවලියට එක්ව සිටින මිස්බා තමන්ට ලැබුණු අඛණ්ඩ පන්දු හයකට අඛණ්ඩව හයේ පහර හයක් එල්ල කළ අවස්ථාවක් පිළිබඳව තොරතුරු වාර්තා වෙයි.
තරගාවලියේදී හොංකොං අයිලන්ඩ්ස් කණ්ඩායම මිස්බා නියෝජනය කරන අතර, ඊයේ (9දා) හන්ග් හෝම් ජගුවර්ස් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී මිස්බා මෙම දක්‍ෂතා දැක්වීය.
තරගයේ 18 වැනි පන්දු වාරයේ පස්වැනි හා හයවැනි පන්දු දෙකට ඉම්රාන් අරිෆ්ට එරෙහිව හයේ පහර දෙකක් එල්ල කරන මිස්බා 19 වැනි පන්දුවාරයේදී තමන් ලැබූ පන්දු 04ටත් අඛණ්ඩව හයේ පහරවල් එල්ල කරනු ලැබුවේ ඇශ්ලි කැඩීට එරෙහිවය.තරගයේදී මිස්බා පන්දු 37කදී ලකුණු 82ක් වාර්තා කිරීමට සමත්වෙන අතර, කණ්ඩායම පන්දුවාර 20ට ලකුණු 216ක් රැස්කරනු ලැබීය.
මේ වනවිට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ප්‍රධාන කණ්ඩායමක් නියෝජනය කරන වයස්ගතම ක්‍රීඩකයා වන්නේ පාකිස්තාන ටෙස්ට් ක්‍රිකට් නායක මිස්බා උල් හක්ය. 42 හැවිරිදි වියේ පසුවන මිස්බා තරුණ ක්‍රීඩකයන් සමග කරටකර ක්‍රීඩා කරමින් සිය දක්ෂතා දක්වයි.