ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

කරුණා අම්මාන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු උප සභාපතිවරයෙකු වූ විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ගේ ප‍්‍රධානත්වයෙන් නව දේශපාලන පක්ෂයක් පිහිටුවා තිබෙනවා. දෙමළ එක්සත් නිදහස් පෙරමුණ නම් මෙම පක්ෂයේ ලේකම්වරයා ලෙස ටී. විමලදාස් පත්කර ඇති බවයි වාර්තා වන්නේ. ඔහු මඩකලපු දිස්ත‍්‍රික් සිවිල් සංවිධානයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරනවා.  ඉදිරියේ දී මෙම පක්ෂය ලියාපදිංචි කිරීමට කටයුතු කරන බවයි විනයාගමූර්ති මුරලිදරන් ප‍්‍රකාශ කළේ.