ColomboXnews

News | Gossip | Political | Entertainment

ForeignSlider

ශෂිකලාට සහාය ලැයිස්තුවේ නිවැරදි බව පිරික්සන්න – ආණ්ඩුකාර සී. විද්‍යාසාගර රාඕ

ඉන්දියාවේ තමිල් නාඩු ප්‍රාන්තයේ මහ ඇමැතිනිය ලෙස පත්වීමට අවශ්‍ය ප්‍රමාණයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාවකගේ සහාය තමාට ලැබෙන බව සනාථ කිරීම සඳහා ඒ අයි ඒ ඉඩී. එම්. කේ. පක්ෂයේ නායිකා ශෂිකලා නටරාජන් ඉදිරිපත් කර ඇති ලේඛනයෙහි නිරවද්‍යභාවය පරීක්ෂා කළයුතු යැයි තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුකාර සී. විද්‍යාසාගර රාඕ ප්‍රකාශ කර ඇතැයි එන්. ඩී.ටී.වී. රූපවාහිනිය ඊයේ නිවේදනය කළේය. ආණ්ඩුකාර නිල නිවසේදී ප්‍රාන්ත ඇමැතිවරුන් දස දෙනෙකු සමඟ ආණ්ඩුකාරවරයා හමුවු අවස්ථාවේදී ශෂිකලා විසින් මන්ත්‍රීවරුන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලේඛනය භාර දී ඇතැයි එහි සඳහන් වේ.

ශෂිකලා විසින් ආණ්ඩුකාරවරයා සමඟ මිනිත්තු 30ක මෙම සාකච්ඡාව පැවැත්වීමෙන් පසුව ඇගේ විරුද්ධවාදියා බවට පත්වී සිටින හිටපු මහ ඇමැති ඕ. පනීර් සෙල්වම්, ශෂිකලා විසින් මන්ත්‍රීවරුන්ගෙන් මෙම ලේඛනයට අත්සන් ලබාගෙන ඇත්තේ ඔවුන් භීතියට පත් කිරීමෙන් පසුව බව ආණ්ඩුකාරවයාට පැමිණිලි කැර තිබිණ.

මෙම මන්ත්‍රීවරුන්ගෙන් බහුතරයගේ සහාය තමාට ලැබෙන බව පෙන්වීමට දින පහක කාලයක් පනීර් සෙල්වම් ආණ්ඩුකාරවරයාගෙන් ඉල්ලා සිට ඇති නමුදු එයට විරුද්ධ වී ඇති ශෂිකලා මන්ත්‍රීවරුන් 134 දෙනෙකුගේ සහාය තමාට ලැබෙන බව කියමින් මේ ලේඛනය ඉදිරිපත් කර ඇත.