දකුණු අප්‍රිකාව පළමු ඉනිම ලකුණු 426 – ශ්‍රී ලංකාව කඩුලු 4කට ලකුණු 80.
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයේ දෙවැනි දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටින ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 4කට ලකුණු 80ක් රැස්කරගෙන සිටියි.
ඒ අනුව දකුණු අප්‍රිකාව පළමු ඉනිමට රැස්කළ ලකුණු 426ට පිළිතුරු ලෙස ශ්‍රි ලංකා කණ්ඩායම තවත් ලකුණු 346ක් පසුපසින් සිටියි. නායක ඇන්ජලෝ මැතිව්ස් හා උපනායක දිනේෂ් චන්දිමාල් නොදැවි පිටියේ රැදි සටිති.

