ColomboXnews

News | Gossip | Political | Entertainment

ArtNewsSlider

ගායන ශිල්පී දීපාල් සිල්වා අභාවප්‍රාප්ත වෙයි.

රාගම ප්‍රදේශයේ පෞද්ගලික රෝහලකදී ගායන ශිල්පී දීපාල් සිල්වා අභාවප්‍රාප්ත වී තිඛෙනවා.ඔහුගේ දේහය මේ වන විට රාගම රෝහලට ගෙනැවිත් ඇති බව වාර්තාවේ  . කෙටි කලක සිට පැවති රෝගී තත්තවයක් හේතුවෙන් ඒ මහතා මිය ගොස් ඇති බව වාර්තා වෙයි. දේහය පිළිබඳව අවසන් කටයුතු පසුව දැනුම්දෙන බව පවුලේ ඥාතීන් පවසයි. දීපාල් සිල්වා මහතා මිය යන විට 50 වන වියෙහි පසු වුණි.

ඒ රට් මිනිස්සු ඇතුළු ජනප්‍රිය ගීත ගණනාවක් ඔහු ගායනා කර තිඛෙනවා. “පොඩි ළමයා“ යන අන්වර්ත නාමයෙන් ඔහු රසික ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අතර  1967 නොවැම්බර් 20 දා ඔහු උපත ලබා තිබේ. ප්‍රසංග වේදිකාවලදී විශේෂ දස්කම් දැක්වූ දීපාල් සිල්වා ජනප්‍රිය වූයේ ඔහුගේ ‘පොඩි ළමයා’ භූමිකාවෙනි.