‘අපි පත් කරපු ආණ්ඩුව අපිව උසාවි ගෙනියනවා’ – සරත් විජේසූරිය
”අපිත් දායක වී හදපු ආණ්ඩුව අපිව උසාවි ගෙනියාමට උත්සාහ කරනවා” යයි මහාචාර්‍ය සරත් විජේසූරිය මහතා ප්‍රකාශ පවසයි.
ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් ඔහුට එරෙහිව නඩු පැවරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් කල විමසුමකදී ඒ මහතා මේ අදහස් පළ කළේය.
” මේකේ උත්ප්‍රාසය තමයි විපක්ෂයෙන් අපිට ගහන එක විවේචනය කරන එක සාධාරනයි. ඒත් අපිත් දායක වෙලා හදපු ආණ්ඩුව තමයි අපිව උසාවි ගෙනියන්න හදන්නේ. බලමුකෝ ඉතිං මොකද වෙන්නේ කියලා. ජනාධිපතිවරයා පත් කරගන්න අපි ගෙනගිය ව්‍යාපාරයේදී කිසිම වෙලාවක ජනතාවට කතාකරන්න ඉදිරියට ආපු නැති මිනිස්සු, තනතුරු අරගෙන, නම්බුනාම අරගෙන හරි හම්බු කරගෙන දැන් සැප විදිනවා. ඒවා නැති වෙයි කියලා බය ඇති දැන්” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.
කරුණාසේන හෙට්ටිආරච්චි මහතාට එරෙහිව දූෂන චෝදනා තිබෙන බවත් සිරිසේන ජනාධිපතිවරයාට වැරදි වාර්තා සපයන්නන් අතර හෙට්ටිආරච්චි මහතා ද සිටින බවත් මීට මාස ගණනකට පෙර පැවැති මාධ්‍ය හමුවකදී මහාචාර්ය විජේසූරිය මහතා විසින් කරන ලද ප්‍රකාශයකට එරෙහිව මිලියන 1000 ක වන්දි ඉල්ලන එන්තරවාසිය යොමු කර තිබේ.
කරුණාසේන හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමීපතම හිතවතෙකි’
(ශ්‍රී ලංකා මිරර්)