ශ්‍රී ලංකාව ‘බ්ලූ මවුන්ටන් ඇකිලියොන්’ තුන්කොන් ශූරතාව දිනයි.
ත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම කඩුලු 06කින් පරාජය කර බුලවායෝහිදී අද (27දා) අවසන් වූ බ්ලූ මවුන්ටන් ඇකිලියොන් ශ්‍රී ලංකා, සිම්බාබ්වේ, බ.ඉ. කොදෙව් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.
සිම්බාබ්වේ කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 161ක ඉලක්කයට පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ශ්‍රී ලංකා පිතිකරුවෝ තරගයේ 37.3 වැනි පන්දුවාරයේදී කඩුලු 04ක් දැවී එම ඉලක්කය පසුකර යාමට සමත්විය.
මෙහිදී කණ්ඩායම ජයග්‍රාහී කඩඉම තෙක් රැගෙන යමින් උපුල් තරංග ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකරමින් පන්දු 98කදී නොදැවී ලකුණු 57ක් ලබාගැනීමට සමත්විය.
කෙසේ නමුත් ජයග්‍රාහී ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භය එතරම් සුබදායක නොවූ අතර, ඉනිමේ පළමු පන්දුවාරය යොමුකළ බ්‍රයන් විටෝරිගේ පළමු පන්දුවෙන්ම ධනංජය ද සිල්වා කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවිය. ඉන් අනතුරුව නිරෝෂන් දික්වැල්ලටද කඩුල්ලේ රැඳී සිටීමට හැකියාව ලැබුණේ ලකුණු 16ක් රැස්කරගන්නා තෙක් පමණක් වූ අතර, ඔහුටද කඩුල්ල සොයා පැමිණි විටෝරිගේ පන්දුවෙන් බේරීමට තරම් වාසනාවක් නොමැතිවිය.
මෙහිදී තමන්ගේ ස්ථානය රැකගැනීමේ සටනක සිටින කුසල් පෙරේරාටද තමන් කෙරෙහි විශ්වාසය තබා සිටින තේරීම් කමිටුවට දැනෙන යමක් මෙම තරගයේදීද සිදුකළ නොහැකිවූ අතර, විටෝරිගේ තෙවැනි කඩුල්ල ලෙස ගොදුරු වූ කුසල් මුළු ලකුණු 42ක් වනවිට ලකුණු 14ක් ලබා සිටියදී මැල්කම් වොලර්වෙත උඩපන්දුවක් ලබාදී පිටියෙන් ඉවත්ව ගියේය.
කෙසේ නමුත් එම දැවීයාම් සිම්බාබ්වේ කණ්ඩායමට ජයග්‍රහණය පිළිබඳ බලාපොරොත්තු තබාගැනීමට තරම් හේතුවක් කර නොදුන් කුසල් මෙන්ඩිස් හා උපුල් තරංග සිවුවැනි කඩුල්ලට ලකුණු 75 ක සබඳතාවක් ගොඩනගා ඉනිම මුළු ලකුණු 117ක් දක්වා ඉදිරියට රැගෙන ආහ. මෙහිදී ලකුණු 57ක් රැස්කරගෙන සිටි කුසල් මෙන්ඩිස් දැවීයාමත් සමග එම සබඳතාව බිඳවැටුණි. කුසල් අද රැස්කළේ තම 07 වැනි එක්දින අර්ධ ශතකයයි. කුසල්ගෙන් පසු පිටියට පිවිසි අසේල ගුණරත්න හා එක්වූ උපුල් තරංග ඉනිම ජයග්‍රාහී කඩඉම දක්වා රැගෙන ගියේය.
කුයින්ස් ස්පොර්ස්ට් ක්‍රීඩා සමාජ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 36.3ක් අවසන සියල්ලන් දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 160ක් පමණි.
සිම්බාබ්වේ ඉනිමෙන් අත්‍යවශ්‍ය කඩුලු තුනක් උදුරාගත් වැන්ඩසේ ශ්‍රී ලංකා පන්දු යවන්නන්ගේ බළඇණියේ පන්දුවාර දහයම යොමුකළ පන්දු යවන්නා විය. කෙසේ නමුත් සිය කඩුලු තුන ලබාගැනීම වෙනුවෙන් ඔහුට ලකුණු 50ක් වැයකිරීමට සිදුවිය. වැන්ඩසේට අමතරව අසේල ගුණරත්නද සාර්ථක පන්දු යැවීමක නිරත විය. පන්දුවාර 4.3ක් පමණක් යොමුකළ ඔහුද කඩුලු 03ක් දවාලූ අතර, ඒ සඳහා ඔහුට වැයවූයේ ලකුණු 10ක් පමණි.
තරගයේ හා තරගාවලියේ වීරයා ලෙස කුසල් මෙන්ඩිස් සම්මාන දිනාගත්තේය.
සිම්බාබ්වේ 160/10 (පන්දුවාර 36.3)
හැමිල්ටන් මසකඩ්සා 10 (17, 4×2), පීටර් මුවර් 01 (07), ටරිසායි මුසකන්දා 36 (37, 4×3, 6×1), ක්‍රෙග් අර්වින් 25 (33, 4×3), සිකන්දර් රාසා 05 (11, 4×1), ෂොන් විලියම්ස් 35 (54, 4×1), මැල්කම් වෝලර් 14 (13, 4×2), ග්‍රැහැම් ක්‍රීමර් 09 (22), ඩොනල්ඩ් ට්‍රිපානෝ නොදැවී 10 (17), ටෙන්ඩායි චිසොරො 05 (7, 4×1), බ්‍රයන් විටෝරි 0 (2)
ශ්‍රී ලංකාව පන්දු යැවීම
නුවන් කුලසේකර 1/30 (7), සුරංග ලක්මාල් 1/23 (6), සචිත් පතිරණ 2/26 (7), ජෙෆ්රි වැන්ඩර්සෙ 3/50 (10), අසේල ගුණරත්න 3/10 (4.3)
ශ්‍රී ලංකාව166/4 (පන්දුවාර 37.3)
ධනංජය ද සිල්වා 0 (1), කුසල් පෙරේරා 14 (13, 4×2), නිරෝෂන් දික්වැල්ල 16 (16, 4×2), කුසල් පෙරේරා 57 (72, 4×10), උපුල් තරංග නොදැවී 57 (98, 4×6, 6×1), අසේල ගුණරත්න නොදැවී 16 (25, 4×1),
සිම්බාබ්වේ පන්දු යැවීම
බ්‍රයන් විටෝරි 3/53 (9), ග්‍රැහැම් ක්‍රීමර් 1/32 (10)
