නාමල්ගේ මහාපරිමාණ වංචා ගැන ඇමරිකාවේ FBI පරීක්ෂණ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පසුගිය ආණ්ඩු සමයේ සිදුකළ මහාපරිමාණ වංචාවක් පිළිබඳ ඇමරිකාවේ FBI සහ ශ්‍රී ලංකාවේ FCID ඒකාබද්ධව පරීක්ෂණ ආරම්භ කර ඇති බව ආණ්ඩුවේ ඉහල පෙලේ ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙසේ පරීක්ෂණයට ලක්වී තිබෙන්නේ නාමල් රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය නැංවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ Lobby Groups සඳහා කරන ලද ගෙවීම්ය. මේ අතර ඇමරිකාවේ සුප්‍රකට Squire Patton Boggs සමාගම සඳහා කරන ලද ගෙවීම් වේ.
පසුගියදා අත්අඩංගුවට පත්වී මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවන ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාගේද සහාය ඇතිව මෙම වංචාවන් සිදුවී තිබේ.
මෙම Paper Crown LLC සමාගම අයත් විනෝද් බස්නායක නැමැත්තා නාමල්ගේ අපසහායකයා ලෙස හදුනාගෙන ඇත. ජාලිය වික්‍රමසූරිය චෝදනා ලැබ සිටින්නේ ඇමරිකානු ඩොලර් ලක්ෂ 3 කට වුවත් නාමල්ට හා විනෝද්ට එරෙහිව ඇමරිකානු ඩොලර් මිලියන ගණනක චෝදනා ගොනුවෙමින් පවතී.
එමෙන්ම ජාලිය වික්‍රමසූරිය මහතාගේ සොහොයුරා වන මේජර් ප්‍රසන්න වික්‍රමසූරිය පසුගිය ආණ්ඩුව සමයේ ගුවන් සේවා අධිකාරියේ සභාපති ධූරය හෙබවූ අතර ඔහු මේ වන විට ඇමරිකාවේ පදිංචිව සිටි ඇට්ලන්ටා ප්‍රදේශය හැර දමා සියෙටල්වලට ගොස් රහසේ ජීවත්වන බව රහස් පරීක්ෂකයන් විසින් මේ වන විට හෙලිදරව් කරගෙන ඇත.
