මහින්දානන්ද අමුතු මගුල ලබන දුරුත්තේ
මහින්ද රාජපක්ෂ පිල නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ ලබන වසරේ ජනවාරියේදී අමුතු මගුලකට සැරසෙන බව අපිට වාර්තා වේ. මෙදා සැරේ මහින්දානන්ද මගුල් කන්නට සැරසෙන්නේ දැනටමත් ඔහු සමග ජීවත් වන හිටපු අගමැති දී.මූ. ජයරත්න ගේ දියණිය මෙන්ම වත්මන් කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායකගේ බිරිඳව සිටි සේනානි ජයරත්න සමගය.
මේ වන විට තම බිරිඳ වන අශා පෙරේරා ගෙන් නීත්‍යනුකූලව වෙන් වී ඇති මහින්දානන්ද අළුත්ගමගේ ඇයට නඩත්තු වියදම් ලෙස ලක්ෂ ගණනක් ගෙවමින්ද සිටී.
දි.මූ ජයරත්න මෙන්ම ඔහුගේ පුත් අනුරාධ ජයරත්න මේ වන විට මෛත්‍රී පිල නියෝජනය කරන අතර මෙය මහින්දානන්දගේ මගුලක් මෙන්ම මහින්ද පිලට අවමගුලක්ද විය හැක. මන්ද යත් මහින්ද රාජපක්ෂ පාලන සමයේදී මෙම සම්බන්ධයට තදින්ම මහින්ද විරුද්ධ වූ අතර විටෙක සේනානි ජයරත්නට දුරකතනයෙන් අමතා මහින්දානන්ද සමග ඇති සම්බන්ධය නවතා දමන ලෙස බැන වැදීමක් සිදුවිය. ඒ බව ආරංචි වූ මහින්දානන්ද එකළ මහින්දගේ මෑනියන් සිහිපත් කරමින් කතා කළ බවද වාර්තා විය.