මහා ගාණ්ධර්වයානෝ දැයෙන් සමු ගනී
හෙලයේ මහා ගාණ්ධර්වයා ලෙස විරුදාවලිය ලත් ආචාර්ය පණ්ඩිත් ඩබ්. ඩී. අමරදේවයන් අද (03) ජයවර්ධනපුර රෝහලේදී මීට සුළු මොහොතකට පෙර අභාවප්රාප්ත වු බව ColomboXnews බලවත් සංවේගයෙන් වාර්තා කරයි.
88 වන වියේ පසුවූ ඔහු හෘදයාභාදයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව ඔහුගේ අභාවය සිදු වූ බව ජයවර්ධනපුර රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. අමරදේවයන් දරුවන් තිදෙනෙකුගේ පියෙකි.
1927 දෙසැම්බර් පස් වන දින මොරටුවේදී උපන්නේය. වනක්කුවත්ත මිටි වඩුගේ දොන් ඇල්බට් පෙරේරා, ප්රකට ගායන හා සංගීතඥයකු ලෙස ශ්රි ලංකාවේදී හඳුනා ගනු ලබන්නේ අමරදේව නමිනි. සිතාරය, තබ්ලාව, හාර්මෝනියම වැනි ශාස්ත්රීය සංගීත භාණ්ඩ එක්කොට ගනිමින්, සිංහල ජන සංගීතය සහ භාරත ජනමූල සංගීතය ස්වකීය නිර්මාණ විෂයට ඔහු දායක කැර ගත්තේය.
මාලදිවයිනේ ජාතික ගීයේ සංගීත නිර්මාපකයා වන්නේද අමරදේවයන්ය. පිලිපීනයේ, ඉන්දියාවේ, ප්රංශයේ සම්මානයට පාත්ර වී ඇති අමරදේවයන් ශ්රි ලංකාවේ දේශමාන්ය, කළා කීර්ති ඇතුළු සම්මාන රාශියකින් පිදුම් ලබා ඇත.
Comments are closed.