”දුෂණ විරෝධී ඔස්තාර්” රන්ජන් රාමනායක බැදුම්කර මගඩියේදී සැගවෙයි..!
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් අර්ජුන් මහේන්ද්රන් වැරදිකරු කරමින් අද දිනයේ පාර්ලිමේන්තුවේ සභාගත කරන ලද කෝප් කමිටු වාර්තාවට නියෝජ්ය ඇමති රන්ජන් රාමනායක පමණක් අත්සන් තබා නැත. පසුගිය කාලය පුරාවට වංචා දුෂණ සම්බන්ධයෙන් නිතර හඩක් නගන බව මාධ්ය තුල පෙන්නුම් කරන ලද රන්ජන් රාමනායකගේ මෙම දෙබිඩි හැසිරීම තුලින් ඔහුගේ ඇත්ත භූමිකාව අද දිනයේ දැකගත හැකිවිය. නියෝජ්ය ඇමතිවරයා විදෙස් ගත වීමක් සිදු කර නැති බවත් මෙරට තුල සිටි බවත් වාර්තාව ඉදිරිපත් කරමින් මන්ත්රී සුනිල් හදුන්නෙත්ති මහතාද කියා සිටියේය.
මහබැංකු අධිපතිවරයාට එරෙහිව ඉතා සවිස්තරාත්මක චෝදනා එල්ල වී තිබියදී නිතර දූෂණය පිළිබඳ කතාකරන එක්සත් ජාතික පක්ෂයේ රන්ජන් රාමනායකගේ මෙම බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් භූමිකාව දෙස කාගෙත් අවධානය යොමුවී තිබුනි. මන්දයත් රන්ජන් රාමනායක . තමාගේ මෙම දුෂණ විරෝධී භූමිකාවට අගයකිරීමක් ඉල්ලා පසුගිය දිනෙක මාධ්යවේදියෙකු සමගද ගැටුමක් නිර්මානය කරගන්නා ලදි.
එක්සත් ජාතික පක්ෂයෙන් මන්තී්රවරු 10දෙනෙක්ද මෙම කමිටුවට අයත් වෙති. ඔවුන්ගෙන් රන්ජන් රාමනායක මහතා හැර අනෙක් මංත්රීවරු පාදසටහන් (Foot Mark) සහිතව වාර්තාවට අත්සන් කරන ලදි. ඔවුන් වන්නේ රවීන්ද්ර සමරවීර, සුජීව සේනසිංහ, වසන්ත අළුවිහාරේ, ආචාර්ය හර්ෂ ද සිල්වා, අජිත් පී. පෙරේරා, අශෝක අබේසිංහ, හෙක්ටර් අප්පුහාමි, හර්ෂණ රාජකරුණා, අබ්දුල්ලා මහරුෆ් යන අයයි.
ඉතිරි මන්ත්රීවරුන්ගෙන්ද එජාප මන්ත්රීන් විසින් අත්සන් තබා ඇත්තේ පාද සටහන් සහිත වාර්තාවට වන අතර අනෙක් සියළු දෙනා පාද සටහන් නැති වාර්තාවට අත්සන් තබා තිබේ.
පාදසටහන් රහිතව අත්සන් කල මන්ත්රීවරුන්
සුනිල් හඳුන්නෙත්ති
අනුර ප්රියදර්ශන යාපා
දයාසිරි ජයසේකර
රවුෆ් හකීම්
ලක්ෂ්මන් සෙනෙවිරත්න
ලසන්ත අලගියවන්න
අනුර දිසානායක
චන්ද්රසිරි ගජධීර
මහින්දානන්ද අලුත්ගමගේ
බිමල් රත්නායක
වීරකුමාර දිසානායක
මාවෙයි සේනාධිරාජා
එම් සුමන්තිරන්
වෛද්ය නලින්ද ජයතිස්ස
ඥානමුත්තු සී නේසන්
එස් ශ්රීධරන්
Comments are closed.