ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

දිවිනසාගත් බුද්ධි අංශ සෙබලාගේ ඇඟිලි සලකුණු ලසන්තගේ රියේ නෑ…!

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කළේ තමන් බවට ලිපියක් ලියා තබා දිවි නසාගත් හමුදා බුද්ධි අංශයේ විශ්‍රාමික සැරයන් එදිරිසිංහ ජයමාන්න නමැත්තාගේ ඇඟිලි සලකුණු ලබාගෙන ඒවා ලසන්ත වික්‍රමතුංග මහතාගේ වාහනයේ ඇඟිලි සලකුණු සමඟ සැසදූ බවත්, ඒවා එකිනෙකට නොගැලපුණු බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය.

තවද ඔහුගේ නිවස පරීක්ෂා කළද ඔහු දිවි නසා ගැනීමට පෙර ලියුමක් ලීවීමට යොදාගත් කොපි පොතේ පිටුව ඇතුළත් වියයුතු බවට සැකකළ හැකි පොතක් හෝ ඒ සඳහා යොදාගත් පෑනක් හෝ සොයා ගැනීමට නොහැකි වූ බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී ඇත.

මහේස්ත්‍රාත්වරයා මෙහිදී නියෝග කළේ අදාල තැනැත්තාගේ පශ්චාත් මරණ පරීක්ණ කටයුතු අවසන් බැවින් ඔහුගේ සිරුර අවසන් කටයුතු සිදුකිරීම සඳහා ඔහුගේ පුත්‍රයාට සහ ඥාතීන්ට භාරදෙන ලෙසයි.

Comments are closed.