ColomboXnews

News | Gossip | Political | Entertainment

NewsSlider

‘කූට ලේඛන‘ විමල්ගෙනුන් ජනිත්ට පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක්..!

විමල් වීරවංශගේ නිවසේදී ඝාතනයට ලක් වූ ලහිරු ජනිත් දිසානායක ගේ මරණය සම්බන්ධයෙන් විමල් වීරවංශ විසින්ද පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් මාධ්‍ය නිවේදනයක් ස්වරූපයෙන් නිකුත් කර ඇත. විමල් වීරවංශගේ මෙම වාර්තාවට අනුව මෙම තරුණයාගේ මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාභාදයකින් සිදු වී ඇති බවත් සඳහන් වේ. හෘදයාබාධය සිදුවී ඇති ආකාරය සෙවීම සඳහා සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇතැයිද ඔහු පවසයි. නමුත් ශ්‍රී ජයවර්ධනපුර රෝහලේදී සිදු කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී හදිසි මරණ පරීක්ෂක පී.ඩී. ගලගෙදර මහතා විසින් සඳහන් කොට ඇත්තේ තරුණයාගේ නහයෙන් රුදිරය පිටවීමක් හා මුඛයෙන් සෙම සහිත ශ්‍රාවයක් ගලා යෑමත් බෙල්ල ප්‍රදේශයේ තැලීම් ස්වභාවයක් මෙන්ම දකුණු අතේ සීරීම් සහිත අස්වාභාවික තත්ත්වයක් නිරීක්ෂණය කරන හෙයින් තලංගම පොලීසිය හරහා ඒ බව බී වාර්තාවක් මගින් කඩුවෙල මහේස්ත්‍රාත් වෙත කරුණු වාර්තා කරන ලෙසය. 

කඩුවෙල මහේස්ත්‍රාත් වරයා විමල් වීරවංශගේ නිවස මෙන්ම තරුණයාගේ සිරුරද පරීක්ෂා කර නියෝග කරන ලද්දේ කොළඹ අධිකරණ වෛද්‍යවරයා වෙත සිරුර යොමුකරන ලෙසය. එහිදී විවෘත තීන්දුවක් දෙමින් සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලදී. 

කරුණු මෙසේ පවතිද්දී විමල් වීරවංශ විසින් ඔහුගේ මාධ්‍ය නිවේදනය හරහා මෙය තමන්ගේ දේශපාලන විරුද්ධවාදීන් තමන්ට එල්ල කරන මඩ ප්‍රහාරයක් ලෙස හුවා දැක්වීමට උත්සහ කර තිබේ.

විමල් වීරවංශ විසින් ඉදිරිපත් කරන ලද මාධ්‍ය නිවේදනය (පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව)

ලහිරු ජනිත්ගේ මරණය පිළිබඳ මඩ ප්‍රචාර සහ අවලාදවලට පිළිතුරක් !

ලහිරු ජනිත් තරුණයාගේ මරණය පාදකකර ගනිමින් සමාජ ජාලා වෙබ් අඩවි මගින් විවිධ ද්වේෂ සහගත ප්‍රචාරයන් සිදු කරමින් පවතී. මෙය ලියැවෙන්නේ ඊට පිළිතුරු වශයෙනි.
ලහිරු ජනිත් මාගේ පුතාගේ සමීප මිතුරකු මෙන්ම අපගේ අසල්වැසියෙකු ද වේ. පුතුගේ මිතුරුදම හේතුවෙන් ඔහු අපගේ නිවසට නිතර ආ ගිය අයෙකි. මරණය සිදු වු දිනයේද ඔහු අප නිවසට පැමිණි ඇති අතර එදින නිවසෙහි පුතුට අමතරව මිතුරන් කිහිප දෙනෙකුද සිට ඇත. මා එදින කොළඹින් බැහැරව සිටි අතර රාත්‍රියේ නිවසෙහි සිටියේ නැත.
මේ මිතුරු කැල සතුටු සාමීචියෙහි යෙදෙමින්ද සිනමාපටයක් නැරඹීමෙන්ද අනතුරුව රාත්‍රියෙහි නින්දට ගොස් ඇති අතර ලහිරු ජනිත් අවාසනාවන්ත ලෙස මියගොස් ඇති බව මා හට ගැන ගැනීමට ලැබිණි. ඔහු මියගියේ මාගේ නිවසෙහි නිසා මේ වන විට ඒ මියයෑම පාදකකර ගනිමින් දේශපාලන සතුරෝ විවිධ මඩ ප්‍රචාරයන් සහ අවලාද නිර්මාණය කරමින් සිටිති. මාගේ බිරිඳත්, පුතනුවන් හා දියණියන් පාදක කරමින් නිර්මාණයකර ඇති එම මඩ හා අවලාද ඉතාමත් පිළිකුළෙන් යුතුව හෙළා දකිමි.
එසේම මෙම මියයෑම සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ප්‍රසිද්ධ වූවාට පසු මෙම මඩ ප්‍රචාර සහ අවලාදයන් කොතරම් නින්දිත අයුරින් නිර්මාණය කොට ඇතිදැයි ඔබට වැටහෙනු ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙහි මෙම මරණය ස්වභාවික මරණයක් බවත් එය හෘදයාබාධයකින් සිදුව ඇති බවත් සඳහන්ව තිබේ. සිරුරේ කොටස් රස පරීක්ෂකවරයා වෙත යවා ඇත්තේ හෘදයාබාධය සිදුව ඇත්තේ කවර හේතුවක් නිසාදැයි පරික්ෂා කිරිමටය.
අවසන් වශයෙන් මාගේ දේශපාලන විරුද්ධවාදීන් මෙවැනි අවාසනාවන්ත සිදුවීමක් පාදකකර ගනිමින් ඉහත ආකාරයේ මඩ ප්‍රචාර හා අවලාද මෙහෙයුම් දියත් කරමින් දේශපාලන වාසි ලබා ගැනීමට තරම් පහත් තත්වයකට ඇද වැටිම පිළිබඳව බෙහෙවින් කනගාටු වෙමි.
විමල් වීරවංශ (පා.ම)
නායක, ජාතික නිදහස් පෙරමුණ

2016.10.28

ලහිරු ජනිත් තරුණයාගේ මරණය සමාජ ජාලා වෙබ් අඩවි වාර්තා කරතිබු ආකාරය.

mirror

 

 

 

 

 

විමල්ගේ නිවසේ මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්

readවිමල්ගේ නිවසේදී තරුණයා ඝාතනය වූ බව තහවුරුයි! ශරිර කොටස් විශේෂ පරීක්ෂාව සඳහා රස පරීක්ෂක වෙත

lahiru-1විමල් නිවසේ අභිරහස් මරණය සැකයි…………

rttrවිමල්ගේ නිවසේදී තරුණයා ඝාතනය වූ බව තහවුරුයි!

e0ce2dc3e457893502a16dad2da07c01_lවිමල්ගේ නිවසේදී මියගිය තරුණයාගේ මරණය ගැන සැකයක්‌

 

 

 

Comments are closed.